IMF ණය ගන්න චීනය දුන් සහතිකය ප්‍රමාණවත් නෑ..! – ඇමරිකාව….

February 2, 2023 at 9:39 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම මෙරටට ලබා ගැනීම සඳහා චීනය ලබා දී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා IMF ප්‍රමිතීන්ට ගැළපෙන විශ්වාසනීය සහ නිශ්චිත සහතිකයක් ලැබිය යුතු බව ඇය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලැබෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව ද ඇය සඳහන් කර ඇත.

ඇය ඊයේ (31) දිවයිනට පැමිණි අතර අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ද සාකච්ඡාවක නිරත වී රාත්‍රියේ දී කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *