IMF ගිවිසුම පාර්ලිමේන්තුවට තියා කැබිනට් එකටවත් දෙන්නේ නෑ..! – මහ බැංකු අධිපති…

September 6, 2022 at 1:28 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

IMF ක්‍රියාවලිය යන අතර සිදුකළ හැක්කේ බදු වෙනස්කම් පිළිබඳ පමණක් බවයි, මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ.

ලංකාව මෙයට පෙර 16 වතාවක් ගෙවුම් ශේෂ අර්බුද හමුවේ IMF වෙත ගොස් ඇති බවත් එහි දී මුදල් ඇමැතිවරයා අදාළ ගිවිසුමට අත්සනු කරනු මිස පාර්ලිමේන්තුවට තබා කැබිනට් මණ්ඩලයට පවා ගිවිසුම හෙළිි නොකර බවයි, නන්දලාල් වීරසිංහ අවධාරණය කළේ.

මෙම ගිවිසුම්වල වෙළඳපොළ මිල කෙරෙහි බලපාන සංවේදී තොරතුරු ඇති බවත් බදු පවා අනාවරණය කරන්නේ ඒවා පනවන අවස්ථාවේ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *