IMFරාජ්‍ය පාලනයටත් ඇඟිලි ගසයි…! ණය වාරිකය දෙන්න කොන්දේසී පනවයි..!

January 6, 2024 at 2:30 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි ණය වාරිකය ලබා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ද කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ව්‍යවස්ථා සභාව විසින් ඉදිරි කාලයේදී කළ යුතු පත්වීම් ආදිය සිදුකරන ආකාරය සහ ඊට අදාළ නිර්ණායක ආදීය ඇතුළත් කොට ජනවාරි 31 වන දිනට ප්‍රථම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු බව දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ ගැසට්ටුව සකස් කොට මුද්‍රණයට යොමු කර ඇති අතර නීතිපති අනුමැතිය සහිතව ප්‍රකාශයට පත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

කෙසේ වුව ද ව්‍යවස්ථා සභාවේ සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනාගේ අනුමැතිය ඊට හිමිව නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *