GoGoTAGo…! අරගලය සමරන්න ඕස්ට්‍රේලියාවේ අවන්හලක්…! හිමිකරු කියන කතාව මෙන්න…

October 20, 2022 at 2:54 pm | by emanisa.lk

ඕස්ට්‍රේලියාවේ GoGoTAGo නමින් ශ්‍රී ලංකා අවන්හලක් ආරම්භ කර තිබේ.

එහි හිමිකරු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙරපීම සඳහා සිදුකළ අරගලය සිහිපත් වන්නට තමා මෙම නම යෙදු බවයි.

රටක ජනාධිපතිවරයා පමණක් නොව ජනතාව ද වෙනස් විය යුතු බවත් ඔහු සඳහන් කරයි.

තව අවුරුදු 5කින් රට ගොඩනොනැඟුණහොත් ගෝඨාභය එළවා දැමීම පිළිබඳ ජනතාව පසුතැවිලි වනු ඇති බවත් එම අවන්හලේ හිමිකරු පවසයි.

මෙම විරෝධතා රැල්ල ද කොටි ත්‍රස්තවාදය මෙන් රට ආපස්සට ගෙන යන සිදුවීමක් වනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *