ගාලු කොටුව මත විරෝධතාවට බාධා කළා..! හමුදාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධීකරණයට පෙත්සමක්..!

July 2, 2022 at 12:00 pm | by emanisa.lk

ගාලු කොටුව මත ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක නිරත පිරිසකගේ විරෝධතා පුවරු ඉවත් කිරීමට යුද හමුදා නිලධාරීන් ගත් පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

යුද හමුදාපතිවරයා, ගාල්ල හමුදා අණදෙන නිලධාරියා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් නීතිඥවරුන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

ගාලු කොටුවේ සිට විරෝධතාකරුවන් විසින් අල්ලා ගෙන සිටි “Go Home Gota” සහ රජයට එරෙහි සටන් පාඨ ඇතුළත් පුවරු හමුදා නිලධාරීන් විසින් පෙරේදා (30) තරගය අතරතුර දී ඉවත් කිරීමට කටයුතු කළේය.

කොටු පවුර මත සිට විරෝධතාකරුවන් සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා ගෙන ගිය අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසට මුහුණලා ඔවුන් විරෝධතාව පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *