සේවක අර්ථසාධක අරමුදල තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්රතිලාභයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අසාධාරණ බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 77කගේ මතය බව නවතම සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.
විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්රතිලාභයන් අඩු කිරීමට ගත් තීරණය අත්‍යාවශ්‍ය මෙන්ම සාධාරණ අයුරින් සිදුකර ඇතැයි වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
එසේම වැඩිහිටි ජනගහනයෙන් සියයට 13කට මේ පිළිබඳ කිසිදු අදහසක් නොමැති වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාව සුවිශේෂී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සම්පූර්ණ කළේ ය.