මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වුණි.සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.
මෙම සිදුවීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය වසර 8ක් පැරණි සිදුවීමක් සහ දැනටමත් අධිකරණ නඩු කටයුත්තක් බව පවසමින් විනිසුරු මංජුල රත්නායක එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.