BRICS සමුළුවේ සාමාජිකත්වය ලබා ගන්නවා..! – විදේශ ඇමැති…

October 15, 2024 at 9:33 am | by emanisa.lk

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ සඳහා මෙම මස 23දා සිට 24දා දක්වා රුසියාවේත් කසාන් නුවර පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අයැදුම් කරන බව ද ඔහු සඳහන් කරයි.

ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණය නිසා තමාට මෙම සමුළුවට සහභාගී වීමට නොහැකි බවත් ලේකම්වරයා මගින් සිය පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරන බවත් හේරත් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ( 14) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් සහ කොළඹ මූලික කරගෙන ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *