BMICH මානව හිමිකම් දින සැමරුම අවලංගුයි…! මානව හිමිකම් නමින් අරගලය ඉස්සුවැයි චෝදනා…!

December 9, 2022 at 9:50 am | by emanisa.lk

අද (09) පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම සඳහා කොළඹ බණ්ඩානායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කොට තිබූ සම්මන්ත්‍රණය අවලංගු කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

එම උත්සවය අරගලය ප්‍රවර්ධනය කරන බව හෙයින් අවලංගු කිරීමට සිදුවන බව අදාළ උත්සවයේ සංවිධායකවරයෙකු බව පවසන තරිඳු උඩුවරගෙදර අමතා BMICH පාලනාධිකාරිය පවසා තිබේ.

BMICH පනත අනුව එය 1973 සිට කිසිදු දේශපාලන අරමුණු සහිත උත්සවයක් සඳහා ලබා දීම නොකර ඇති බව ද පාලනාධිකාරිය සඳහන් කර තිබේ.

අදාළ මානව හිමිකම් දින උත්සවයේ තේමාව වී ඇත්තේ නිදහස සහ යුක්තිය උදෙසා අරගලය නියතයක් යන්නය. නීතිය හා සමාජභාරය නම් රාජ්‍ය නොවන සංවිධානයක් මේ සඳහා BMICH වෙත මුදල් ගෙවා ඇති අතර අදාළ මුදල නැවත ගෙවීමට BMICH පාලනාධිකාරිය කැමැත්ත පළකර ඇත.

ශ්‍රීි ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පිරීස් සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වන්නට සැලසුම් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *