අපට කෙළී මහින්දට සුබ උපන් දිනයක්… ඔබ නිකන්ම නිකන් අ#පතයෙක්… බලය තිබුණා නම් රට පුරා කටවුට් ගහයි…! – සුදත්ත තිලක්සිරි…

November 18, 2026 at 6:51 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ අතීතයේ මෙරට දේශපාලනය තුළ ඉහළ ජනතා ප්‍රසාදයක් දිනාගත් නායකයෙකු වුවද, අනතුරුව තමන්ගේම ක්‍රියාකලාපය නිසා එම ජනප්‍රියත්වය අහිමි කරගත් බව පවසන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වන උපන්දිනය වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

”අද වැනි දිනක, ඉපදුන ලංකාවේ කෘතහස්ථ දේශපාලඥනයෙක් හැටියට වැජඹිච්ච, පසුකාලීනව ඒ වැජඹීම තුළින්ම කෙළවගත්ත හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ගේ 81 වැනි උපන්දිනය අදයි. සුබ උපන් දිනයක් කියමුද?

කොහොමත් ඉතින් සුබ උපන්දිනයක් කියලා අපි කියනවා අපිට කෙ#ලියට. අද මහින්ද රාජපක්ෂ බලයේ හිටියා නම් මේ වෙනකොට ලයිට් කණුවල කොච්චර එල්ලිලා තියෙයිද? අඩි 10 12ක් කට් අවුට්. ඒ වගේම ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල, පිටුවල ස්පොන්සර් කරලා පිටු ගණන් ‘අද අපේ රට බේරාගත් නායකයානෙනි, ඔබට චිරං ජයතු සුබම සුබ උපන්දිනයක්’ කියලා.. අද මොන රෙද්දක්වත් නැහැ.. ඔබ දෙයියෙක් නෙමෙයි දැන්, ඔබ නිකන්ම නිකන් අ#පතයෙක් බවට පත් වී හමාරයි. කරන්න දෙයක් නැහැ. ඒ ඔබ ඔබගේ ඕවර්ඩෝස් එක, ඔබගේ අධිමාත්‍රාව”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස