සමගි ජන බලවේගයෙන් වයඹ පළාත් සභා මහ ඇමති ධුරය සඳහා ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල ඉදිරිපත් වීමට සූදානම් වන බව සමාජ මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි පවසයි.
එසේම උතුරු මැද පළාත් සභා මහ ඇමති ධුරය සඳහා හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මෙම අභියෝගයට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් වයඹ පළාත් සභා මහ ඇමති ධුරය සඳහා දිනේෂ් මුතුගල සමග තරඟ කිරීමට තමන් සූදානම් බවද සුදත්ත තිලකසිර අවධාරණය කරයි.