නිල නිවාස තුනක් ගත්තත් කොට්ට මෙට්ට හොරකම් කළත් කතානායකතුමා හොඳ ප්‍රේමවන්තයෙක්..! – එස්.එම්. මරික්කාර්…

November 4, 2026 at 10:04 am | by emanisa.lk

විපක්ෂයේ සිටින තුරු ආණ්ඩු කරන හැටි කියමින් රට වටා ගිය පිරිස ආණ්ඩුව දුන් පසු ආණ්ඩු කළ නොහැකි ඇයිදැයි කියමින් රට වටා යමින් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද (04) විවාදයට ගතයුතුව තිබූ කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගෙන න්‍යාය පත්‍රය‍ෙන් අනීතික ලෙස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

කතානායකවරයා නිල නිවසේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා රැගෙන ගොස් ඇති බවත් නිල නිවසට අමතරව ඔහු සිය පෞද්ගලික ලේකම්වරයාටද රජයේ නිල නිවාස දෙකක් ගෙන ඇති බවත් මරික්කාර් ප්‍රකාශ කරයි. ගමක සිටින පොඩි හොරෙක්වත් කොට්ට මෙට්ට හොරකම් කරන්නේ නොමැති බවද ඔහු අවධාරණය කරයි. කෙතරම් වැරදි තිබුණද කතානායකවරයා හොඳ ප්‍රේමවන්තයෙක් වීම ගැන තමන් ගරු කරන බවද මරික්කාර් සඳහන් කරයි.

මහා පිරිසිදු උගත් මිනිසුන් ලෙස පෙනී සිටිමෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි නිසාත් ආණ්ඩුවේ 159 දෙනාට ඒවා සේදිය නොහැකි නිසාත් විශ්වාසභංග විවාදය ඔස්සේ සත්‍ය ජනතාවට හෙළිදරව්වීමට ඇති බිය නිසාත් විශ්වාසභංගය නීති විරෝධී ලෙස නොපවත්වා සිටින බවටද ඔහු ආණ්ඩුවට චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස