කතානායක ජගත් වික්‍රමරත්නගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේට ඇමති නිල නිවාසයක් ලබා දී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කතානායක ජගත් වික්‍රමරත්න වෙනුවෙන් නිවසක් වෙන්කර ඇති ලොරිස් මාවතේ ඇමති නිල නිවාස පරිශ්‍රයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට නිල නිවසක් වෙන්කර ඇත්තේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රශ්න කළ අවස්ථාවේය.
ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් තමන්ට එපා යැයි කී ආණ්ඩුව කතානායකවරයාට හිමි නිල නිවසට අමතරව තවත් ඇමති නිල නිවාසයක්ද කතානායකවරයාට වෙන්කර දී ඇතැයිද අමතරව එම නිවසට යාබද නිවස ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට ලබාදී ඇතැයිද දයාසිරි ජයසේකර චෝදනා කළේය. කෙසේ වුද ඇමති නලින්ද ජයතිස්ස එය ප්‍රතික්ෂේප කළේය.