අනුර විපක්ෂේ ඉද්දී කළ හැම ඉල්ලීමක්ම මම ඉටු කළා… ඒකටවත් සලකලා ඥානසාර හිමිට සමාව දෙන්න…! – රොෂාන් රණසිංහ…

October 28, 2026 at 11:58 am | by emanisa.lk

ජනාධිපති සමාව ලබාදීමේදී නිලධාරීන් අතින් වූ තාක්ෂණික දෝෂයක් නිසා නැවත සිරගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදෙන ලෙස සර්වජන බලය සභාපති හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ජනාධිපතිවරයා මෙයට පෙර විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස තමාගෙන් කරන ලද කිසිදු ඉල්ලීමක් තමන් ප්‍රතික්ෂේප කර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

තමා එතුමාගෙන් කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් ජනාධිපති ධුරයට පත්වූ පසු කතා නොකළ බවත් ප්‍රකාශ කළ රොෂාන් රණසිංහ, ප්‍රකාශ කළේ ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙස තමනා ඉල්ලා සිටින බවයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *