ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි… නීති පොතේ කොහේවත් එහෙම නෑ… මේක ද්වේෂසහගත කුමන්ත්‍රණයක්..! – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා…

October 13, 2026 at 11:44 am | by emanisa.lk

මහා සංඝරත්නයට පහරදෙන ද්වේෂ සහගත වැඩපිළිවෙළක් දේශප්‍රේමී සිංහල නායකයින් සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරැකීමේ ජාතික මහා සමුළුව අද (12) කොළඹදී අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ඥානසාර හාමුදුරුවන්ට දීලා තියෙන දඬුවම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධීයි. මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ සභාපතිවෙන ප්‍රීති පද්මන් සූරසේනට ලියුමක් ලියලා කියනවා මගේ උසාවියේ මේ වගේ වැඩක් වුණා. මට දෙන්න හැකි දඬුවම් බලය අඩුහින්දා බරපතළ දඬුවමක් දෙන්න ඔබතුමාගේ උසාවියට මං ඉදිරිපත් කරනවා. ඔන්න ඔතන තමයි මේකේ ගැටය තියෙන්නේ දැන් මේකේ නීතිමය තත්ත්වය මොකක්ද? උසාවියට අපහාස කිරීම දඬුවම් තියෙනවා එතන මාස 18යි දෙන්න පුළුවන්.

දැන් මෙතන ප්‍රීති පද්මන් සූරසේන දීලා තියෙනවා අවුරුදු 6ක් නීතියෙන් තියෙන්නේ මාස 18යි. ඒ අභියාචනාධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පමණයි. අනික් අධිකරණ සම්බන්ධයෙන් කිසිම එකක් නෑ. වරදක් සම්බන්ධයෙනුත් නෑ. සිරිසේන මහත්තයා ජනාධිපති විදිහට සමාවක් දුන්නා. ඒක සාධාරණයි.

අපේ මනෝහර මහත්තයා කියලා තියෙනවා මේක කුමන්ත්‍රණයක් කියලා. දැන් ඔබතුමාලට (දිලිත්, විමල්, ගම්මන්පිල, අසංක, මහින්ද පතිරණ) විරුද්ධවත් අභියාචනාධිකරණයට දාලා තියෙන්නේ කොටුවේ මහේස්ත්‍රාත්. වැරදියි. මේක වෛරස් එකක් වගේ බෝ වෙනවා. මේක නතර කරන්න නීති මාර්ගයෙන් යන්න ඕන. ඒ අතින් මහා සංඝයා වහන්සේට ගහනවා. මේ අතින් අපේ සිංහල බෞද්ධ නායකයන්ට ගහනවා. මේක ද්වේෂ සහගතව කරන වැඩක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *