ජනාධිපති සමාව දීම නීති විරෝධීයි… නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…

October 28, 2026 at 10:48 am | by emanisa.lk

ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාවක් බවත් එම ක්‍රමවේදයම ඉවත් කළයුතු බවට සංවාදයක් ආණ්ඩුව තුළ පවතින බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

“ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නනෙ අපි බලයට ආවෙ. අපි ඒක ශක්තිමත් කරනවා. දැන් ඔය ජනාධිපති සමාව දෙන එක පවා, අපි හිතනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. ඒක ජනාධිපතිවරයෙක්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් තම තමන්ට ඕනෑ අය නිදහස් කරන්න තියාගෙන තියෙන එකක්. ඒක වුණත් අයින් කරන්න ඕනෙ කියන අදහසක් තමයි සාකච්ඡා වෙමින් තියෙන්නෙ.

කොහොමවුණත් මාධ්‍යවේදීන්ට වේවා කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි වන ලෙස කටයුතු කරන්නෙ නැහැ. මේ ආණ්ඩුවට ජනතාව ජනවරම දුන්නෙ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීම සඳහා පමණයි. අපි ජනතාවගෙන් ඉල්ලනවා, විවිධ පාර්ශ්වවලින් ඉල්ලනවා රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා කියලා.”

ඇමති කේ. ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ඊයේ (27) ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *