ජනාධිපතිතුමා ඥානසාර හිමිට කිසිසේත් සමාව දෙන්නෑ… ඒක ගැන කිසිම සැකයක් නෑ…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත….

October 16, 2026 at 4:01 pm | by emanisa.lk

කොළඹට පා ගමනින් වැඩි භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කළ හැකි එකක් නොවන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එම ඉල්ලීම ඉටු කළහොත් එය තමන්ට ලැබුණු ජනවරමට පිටුපෑමක් බවද ආණ්ඩුව සැම විටම වැඩ කරන්නේ ජන වරමට අනුකූලව බවද ඔහු අවධාරණය කරයි.

එහෙයින් අධිකරණ තීන්දුවට පිටින් ජනාධිපතිවරයා කිසිදු තීන්දුවක් නොගන්නා බව ස්ථිර යැයිද ඒ ගැන කිසිවෙකු සැකයක් තබාගත යුතු නැති බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට සිදුකරන ඉල්ලීම් පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් අද (16) ඇමති ලාල්කාන්ත මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *