රජයේ වියදමින් අරලියගහ මන්දිරයට භික්ෂූන් වහන්සේලා දෙදහසක් පමණ වැඩමවා බෞද්ධ උරුමය රැකගැනීම සඳහා දියත් කර ඇති භික්ෂූ අරගලය යටපත් කිරීමේ සැලසුමක් ආණ්ඩුව ක්රියාත්මක කරමින් ඇතැයි ප්රජාතන්ත්රවාදී සමාජයක් සඳහා වන සමාජ මාධ්ය ක්රියාකාරීන්ගේ සංගමයේ අභීත එදිරිසිංහ චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දිස්ත්රික් ලේකම්වරුන් වෙත නොවැම්බර් 05 වෙනිදා අදාළ ශාසනාරක්ෂක බල මණ්ඩලවල අනුමැතියද සහිතව එක් දිස්ත්රික්කයකින් භික්ෂූන් වහන්සේලා සියක් නම බැගින් අරලියගහ මන්දිරියට වැඩම කරවන ලෙස ලියුම් යොමුකර ඇති බවයි.
එහි සඳහන් කර ඇත්තේ රටම එකට වැඩසටහනේ පළමු සංවත්සරය සඳහා සර්වාගමික වතාවත් කිරීමට මෙලෙස භික්ෂූන් කැඳවන බවයි. කෙසේ වුවද මේ ආකාරයට ලියුම් යොමුකර රාජ්ය සම්පත් අවභාවිත කර භික්ෂූන් වහන්සේලා අරලියගහ මන්දිරයට ගෙන ඒමේ අරමුණ ආණ්ඩුවේ ජනප්රියත්වය නිසා භික්ෂූන් වහන්සේලා ස්වකීය කැමැත්තෙන් එහි වැඩි බවට ජනතාවට පණිවිඩයක් ලබා දීමට බවද අභීත එදිරිසිංහ අවධාරණය කරයි.