පොලිසියෙන් පහරකෑ කස්සප හිමි තවම රෝහලේ… ආණ්ඩුවේ ‌බෞද්ධ විරෝධී වැඩපිළිවළෙ පරාජය කර මිස නවතින්නේ නෑ…! – උලපනේ සුමංගල හිමි….

October 18, 2026 at 4:11 pm | by emanisa.lk

බලන්ගොඩ කස්සප හිමියන්ට පහර දුන් පොලිසිය උන් වහන්සේ ඇද වැටීම නිසා රෝහල්ගත කළේ යැයි අසත්‍ය ප්‍රචාර දියත් කරමින් ඇතැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.

ආණ්ඩුව බලනහර කපා මිනිසුන් මරණ, සතුරට සමාව නොදෙන බව ටිල්වින් සිල්වා සපථ කරන පසුබිමක ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම කස්සප හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් බැවින් එහමියන් පෙපෞද්ගලික රෝහලකට ඇතුළු කළ බවද සුමංගල හිමි අවධාරණය කරයි.

පොලිසියෙන් පහර කෑ කස්සප හිමිට රෝහලින් පිටව යෑම සඳහා තවමත් වෛද්‍ය උපදෙස් ලැබී නොමැති බවත් ආණ්ඩුවේ බෞද්ධ විරෝධී රණවිරු විරෝධී ජාතිද්‍රෝහී ක්‍රියාපිළිවෙත ආපසු හරවන තුරු සිය සටන නතර නොකරන බවත් උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කරයි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල විරෝධතා භූමියේ සිට අද (18) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඒහිමියන් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස