2025/2026 ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු විසින් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීමේ සිද්ධියෙන් රටට හෝ විදුලි බිලට කිසිදු අමතර බරක් ඇති නොවූ බව හිටපු බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි පවසයි.
“2025/2026 ගල්අඟුරුවල ප්‍රමිතිය නිසා රජයට සිදු වු අලාභය ගල්අඟුරු සමාගම් සැපයුම්කරුවන්ගෙන් දඩ වශයෙන් සහ කාර්යසාධන ඇපකර මුදල් තුළින් සමිපුර්ණ අලාභය පියවා ගැනීමට අවධානය.
සම්පුර්ණ මුල්‍ය අලාභය රු. බිලියන 15765 ක් වන අතර දඩ වශයෙන් සහ කාර්යසාධන ඇපකර මුදල් රු. බිලියන 16989 ක මුදලක් තැන්පත් ලෙස සහ දඩ ලෙස අය කර ගැනීමේ හැකියාව පවති.
මෙම මූල්‍යමය පාඩුව සාමාන්‍ය විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමේ අවශ්‍යතාවක් පැනනොනගින අතර ගල්අඟුරු සමාගම් සැපයුම්කරුවන් සමග පවතින නීතිමය කොන්දේසි සහ රේගුලාසි අනුව දඩ සහ තැන්පත් කරන ලද මුදල් තුළින් අයකර ගැනීමේ ක්‍රමවේදය ක්රියාත්මය.
සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.