මාලිමාණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙකු වන කෝටිපති ව්‍යාපාරික අජිත් පෙරේරා නොහොත් කෝටිපති කුඹලා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙයි.
පසුගියදා බාල ගල් අඟුරු යැයි කිසිවක් නොමැති බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණි අජිත් පෙරේරාට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය.
එහෙත් රජයේ විගණකාධිපති වාර්තා මගින්ද අදාළ වංචාව තහවුරු වීමත් සමග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා තව දුරටත් ධුරයේ රැඳී සිටීම ආණ්ඩුවේ දේශපාලන ගෞරවයට හානියක් බවයි.
අජිත් පෙරේරා වැඩි දුරටත් අවධාරණය කරන්නේ, මෙම ආණ්ඩුව ගොඩනැගුවේ බහුතර ජනතාවගේ අප්‍රමාණ විශ්වාසය මත බවයි. එම විශ්වාසය රැකගැනීම වෙනුවෙන් වගකිවයුත්තන් “මහපොළොව මත සිට” ජනතාවට පිළිතුරු දිය යුතු බව ඔහු පවසයි.