ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.
එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
මෙම තීන්දුව ලබා දුන් කමිටුවේ සභාපති ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ද සෙසු සාමාජිකයන් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන්, ගිහාන් කුලතුංග යන විනිසුරුවරුද කටයුතු කළහ.