ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති පසුගිය සෙනසුරාදා කොටි නායක තිලීපන්ගේ නව ප්‍රතිමාවට උත්තමාචාර දැක්වීමට එකතු විය.
රසයියා පතිපන් හෙවත් තිලීපන් කොටි සංවිධානයේ ප්‍රමුඛ පෙළේ නායකයෙකු වූ අතර හමුදාව සමග සිදුවූ ගැටුමකදී බරපතළ තුවාල ලැබීමෙන් අනතුරු යාපනය කොටි දේශපාලන අංශ නායකත්වයට පත් කෙරිණි. එහිදී ඔහුගේ රාජකාරිය වූයේ දෙමළ තරුණයන් කොටි සංවිධානයට බඳවා ගැනීමය.
කොටි සංවිධනය ඔහුට තිලීපන් යන අන්වර්ථ නාමය ලබාදුන් අතර ඔහු ලුතිනන් කර්නල් තිලීපන් යනුවෙන් එම සංවිධානය හඳුන්වයි.
1987 උතුර නැගෙනහිර සිංහල ජනපදකරණය නතර කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, නව පොලිස් ස්ථාන ඉදිකිරීම නවතාලීම, පාසල්වලින් හමුදාව ඉවත් කිරීම, පුනරුත්ථාපන කටයුතු නතර කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් උපවාස කර මරුමුවට පත්විය.
මොහු වෙනුවෙන් 1988 තිලීපන් වෙනුවෙන් කොටි සංවිධානය ප්‍රතිමාවක් ඉදිකළ අතර 1996 හමුදාව නැවත යාපනය අර්ධද්වීපය අත්පත්කර ගත් පසු එය ඉවත් කෙරිණි. අනතුරුව 2002-2003 සටන විරාම සමයෙහි එය නැවත ඉදිකළ අතර 2007 සහ 2012 එය සම්පූර්ණයෙන් ඉවත් කෙරිණි. අනතුරුව වසර 14කට පසු කොටි නායක තිලීපන්ගේ ප්‍රතිමාවක් ඉදිකර විවෘතකර ප්‍රසිද්ධ සැමරුමක් පවත්වන්නේ 2026 වසරේදීය.