යාපනයේ හිටපු කොටි නායක තිලීපන් ඇතුළු LTTE සංවිධානය සිදුකළ ඝාතන පිළිබඳ ඡායාරූප ප්‍රදර්ශනයක් පසුගියදා (25) යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
කොටි සංවිධානය විසින් ඝාතනය කළ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, සමාජ සේවකයින්, ශිෂ්‍ය නායකයින් ඇතුළු විශාල පිරිසකගේ ජායාරූප ඊට එකතු කර තිබිණි.
යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය මගින් සංවිධානය කළ මෙම ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල ජනතාවක් පැමිණි අතර තිලීපන් අවිහිංසාවාදී නායකයෙකු ලෙස දකුණේ සමරද්දී උතුරේ දී ඔහු ඇතුළු කොටි සංවිධානයේ කෘර ඝාතන පිළිබඳ මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීම විශේෂත්වයකි.