ඉතිහාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව ඉදිරිපත්ව ඇති වැඩිම පෙත්සම් ප්‍රමාණය මෙවර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ 22 වන සංශෝධනයට විරුද්ධව විවිධ පාර්ශ්ව පෙත්සම් 67ක් ගොනු කර ඇත.
1978 වසරේ සිට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයට පෙර 21 වතාවක් සංශෝධනය වුවද ඒ කිසිම අවස්ථාවක මෙතරම් විරෝධතා පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත්ව නැත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු බොහෝ දේශීය පාර්ශ්ව මෙන්ම විදෙස් සංවිධාන පවා මෙම සංශෝධනයට සිය විරෝධය ප්‍රකාශ කර ඇත.
22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එහි ප්‍රථම ප්‍රතිලාභියා බවට පත්වන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තමා සභාපති ලෙස සහ ජ්‍යේෂ්ඨත්වය නොසලකා පත්කර ගත් විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි මෙම විරෝධතා පෙත්සම් අද (01) සලකා බලනු ඇත.