විනිසුරු විශ්‍රාම වයස ඉහළ නංවන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අධිකරණ පද්ධතියේ ප්‍රගතියට අතිශයින් හිතකර පියවරක් බව හිටපු මහාධිකරණ විනිසුරු සහ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පවසයි.
“දැනට මගේ වයස අවුරුදු 87ක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා වැඩි කළොත් මමත් නැවත වැඩට එන්න සූදානම්.
ඒ නිසා මේ වයස වැඩි කිරීම ගැන කවුරුත් බය වෙන්න අවශ්‍ය නැහැ. අපි බලන්න ඕනේ පුද්ගලික දේශපාලන අරමුණු ගැන නෙවෙයි, රටට සහ නීති පරිපාලනයට වඩාත් හොඳ කුමක්ද කියන කාරණයයි.”
එසේම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට සහ අල්ලස් හා දූෂණය මැඩපැවැත්වීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බවද සී.වී. විග්නේෂ්වරන් අවධාරණය කරයි.