නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරියට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් කොළඹ නීතිඥ සංගම් කාර්යාලය ඉදිරිපිට අද (24) විරෝධතාවක් පවත්වා තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටින කණ්ඩායමක් විසින් මෙම විරෝධතාව මෙහෙයවා ඇතැයි වාර්තා වන අතර විරෝධතාව සඳහා දහයකට අධික පිරිසක් එකතු තිබේ.
“නීතිඥ සංගමයේ සභාපති වහා ඉල්ලා අස්වනු!” යනුවෙන් සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවෙහි නිරත වූහ.