බෞද්ධ විනිසුරුවරුන් අසාධාරණ විදිහට ගෙදර අරිනවා… අපටත් යාඥ කරන්න කතා කරනවා… පාදිලිවරුන් රටේ අගවිනිසුරු කළ යුතු නෑ…! – දයාසිරි ජයසේකර…

August 23, 2026 at 1:55 pm | by emanisa.lk

යාඥා කරන පාදිලි උන්නාන්සේ කෙනෙකු රටේ අගවිනිසුරු විය යුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පසුගියදා පැවති 225 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ සැමරුම් උළෙල අවසානයේ අගවිනිසුරුවරයා සමස්ත සභාවට යාඥ කරමු යැයි යෝජනා කළ බවටද ඔහු චෝදනා කරයි.

මේ වන විට නිරාගමික වේසයෙන් බෞද්ධ බලවේග විනාශ කරන කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවද ධම්මික ගනේපොළ, ගුරුසිංහ වැනි විනිසුරුවරුන්ට බෞද්ධයන් වීම නිසාම ශ්‍රෙෂ්ඨාධිකරණයට නොගොස් විශ්‍රාම ගැනීමට සිදුව ඇති බවද දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.

තමා කිසිදු අවස්ථාවක ජාතිවාදය වෙනුවෙන් පෙනී නොසිටියද කිසිවෙකුගේ උවමනාවට ජාතියට කෙනහිලිකම් කරන්නේ නම් සිංහලයන්ටද සිය ජාතිය වෙනුවෙන් කතා කිරීමේ අයිතිය ඇති බව ඔහු සඳහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස