රටේ මිනිස්සු බඩගින්නේ දුක් විඳිනවා… ආණ්ඩුව 22 උස්සන් යනවා… ජනතා ප්‍රශ්න විසඳලා ඕන වගන්තියක් ගේන්න…! – මහින්ද රාජපක්ෂ…

August 22, 2026 at 10:30 am | by emanisa.lk

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනවාට වඩා ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කළයුතු වෙනත් බොහෝ වැඩ තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම පිළිබඳ සිය අදහස ඊයේ (21) මාධ්‍ය විමසූ අවස්ථාවේය.

“නෑ ඉතින්, මීට වඩා වැඩ තියෙනවානෙ අපිට කරන්න. මේ 22 වැනි සංශෝධනය ගේනවට වඩා වැඩ මං හිතන්නෙ ආණ්ඩුවටත් කරන්න වැඩ තියෙනවා ජනතාවට. ඒවා කරලා ඉවරවෙලා ඉතින් ඕනෙ වගන්තියක් ගෙනාවාට කමක් නැහැ.

මාධ්‍යය- ඔබතුමා මේ කියන්න හදන්නෙ මේගොල්ලො මේ ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ ඒවාට නෙවෙයිද මේ ප්‍රමුඛතාවය දෙන්නෙ ?

“නෑ. ඒක තමයි අපිටත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඉතින්. ප්‍රමුඛතාව දෙන්න ඕනෙ ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ. අනවශ්‍ය දේවල් තමයි ඉදිරියට ගේන්නෙ. අනිත් එක තමයි මිනිස්සුන්ට මේ ප්‍රශ්නෙට වඩා ප්‍රශ්න තියෙනවා. කන්න බොන්න නැතිව එහෙන් මිනිස්සු දුක් විඳිනවා. ඉතින් ඒ ප්‍රශ්න විසඳන්නෙ නැතිව මේ අනවශ්‍ය ප්‍රශ්න විසඳන්න ලෑස්ති වුණාම තමයි ප්‍රශ්නෙ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස