22 එරෙහි විපක්ෂයේ විරෝධතා ආණ්ඩුව තඹ සතේකට මායිම් කරන්නේ නෑ…! – අධිකරණ ඇමති….

August 20, 2026 at 10:29 am | by emanisa.lk

නඩු කටයුතු වේගවත් වීම නිසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය දක්වන විරෝධය ආණ්ඩුව තඹයකට හෝ නොතකන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

“සාමාන්‍යයෙන් ඕනෙම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක වගකීම් සහගත විපක්ෂයක් ඉන්නවා. වැරදි දේ විවේචනය කරන්නත්, හොඳ දේට සහාය දෙන්නත්, ඒ විවේචන කරද්දී කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් – ඒ කියන්නෙ මොකක්ද්, ඒකෙ සිංහල වචනෙ මම දන්නෙ නෑ – එහෙම එකක් කරනවා.

නමුත් ඔබ දන්නවා අපේ ඉන්න විපක්ෂය කියන්නෙ තනිකරම ක්‍රෝධයෙන් වෛරයෙන් පිරිලා, ආණ්ඩුව හෙට වට්ටන්න, අද වට්ටන්න බලාගෙන ඉන්න කට්ටියක්. ඒකට හේතුවත් අපට පැහැදිලිව පේනවා. ඒ හේතුව තමයි නඩු කටයුතු වේගවත් වීම.

මේ විපක්ෂ හුදෙක්ම සර්කස් එකක් මිසක් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් වැඩකරන විපක්ෂයක් නෙවෙයි. ඒ හින්දා ඔවුන්ගේ විරෝධය අපි තඹයකට මායිම් කරන්නෙ නෑ. නමුත් ඔවුන් සාධනීය කරුණක් ඉදිරිපත් කළොත් ඒක අරගෙන අපි කටයුතු කරනවා.”

ඇමති හර්ෂණ නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (19) කළුතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස