අලිමංකඩ හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී හමුදා සෙබළුන් විශාල පිරිසක් ඝාතනය කිරීමට නායකත්වය දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බාල්රාජ් නමැති ත්රස්තවාදියා පාර්ලිමේන්තුව තුළ ප්‍රසිද්ධියේ සැමරීමට ඉඩ ලබා දීම පිළිබඳව යාපනය සිවිල් සමාජයේ ජාතික සංවිධායක අරුන් සිද්ධාර්ථ් රජයට සහ විපක්ෂයට සිය දැඩි විරෝධය පළ කරයි.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් පසුගිය බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේදී “බ්‍රිගේඩියර් බාල්රාජ්” නමින් මෙම ත්රස්තවාදියා සිහිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති බව හෙතෙම වීඩියෝපටද ඉදිරිපත් කරමින් කියා සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් අරුන් සිද්ධාර්ථ් පෙන්වා දෙන්නේ බාල්රාජ් යනු අලිමංකඩ සටනේදී රහසිගතව පැමිණ ප්‍රහාර එල්ල කර හමුදා සෙබළුන් දහසකට ආසන්න පිරිසක් මරා දැමූ සහ තවත් දහසකට ආසන්න පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කළ පුද්ගලයෙකු බවයි.
මෙරට නීත්‍යානුකූල හමුදාව ඝාතනය කළ ත්‍රස්තවාදියෙකු “බ්‍රිගේඩියර්” යනුවෙන් හඳුන්වමින් මෙලෙස පාර්ලිමේන්තුව තුළ ගෞරවයට පාත්‍ර කිරීම අතිශය නින්දිත ක්‍රියාවක් බව ඔහු පවසයි,.
මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටි 225 කට අධික මන්ත්‍රීවරුන්ගෙන් කිසිවෙකුත් ඊට එරෙහිව නැගී නොසිටීම පිළිබඳව ඔහු සිය මවිතය පළ කරයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්, ව්‍යවස්ථාවට පටහැනිව තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු මෙලෙස වර්ණනා කරන විට නිහඬව බලා සිටීම බරපතළ තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුව තුළ ත්රස්තවාදීන් සැමරීමට ඉඩ ලබා දෙන අතරතුර, පසුගියදා යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී එල්.ටී.ටී.ඊ. ගීතයක් වාදනය කිරීම හේතුවෙන් පොලිසිය මැදිහත් වී එය නතර කිරීමට කටයුතු කර ඇති බව අරුන් සිද්ධාර්ථ් මහතා අනාවරණය කරයි.
එහිදී පොලිසියට විරෝධය පළ කළ තරුණයින් ප්‍රශ්න කර ඇත්තේ “පාර්ලිමේන්තුවේ මේවා සිදුවන විට නීතිය ක්‍රියාත්මක නොවී අපට පමණක් නීතිය ක්‍රියාත්මක වන්නේ ඇයිද?” යන්න බව ඔහු පෙන්වා දෙයි.
වත්මන් “මාලිමා” රජය යටතේ ජනතාව අපේක්ෂා කළ වෙනස මෙයදැයි ප්‍රශ්න කරන ඒ මහතා, ජනාධිපතිවරයා ඇතුළු රජය වහාම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරයි.
රට බෙදීමට උත්සාහ කළ ත්රස්තවාදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් සැමරීම හරහා නැවතත් ත්‍රස්තවාදී මතවාදය සමාජගත කිරීමට ඉඩ නොදෙන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිය
***************
26/05/2026