ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නංවන්නේ නම් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේද විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවිය යුතු බව වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පවසයි.
රාජ්‍ය සේවයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් වන උලපනේ සුමංගල හිමි, සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ්, ආනන්ද පාලිත, උදේනි දිසානායක, චින්තක බන්ඩාර, බන්දුල සමන් කුමාර, සුමේධ අලුකෝට්ටගේ, ශ්‍යාමල් සෝමරත්න, සුභාෂ් කරුණාරත්න රජයට ඉදිරිපත් කිරීමට සූදානම් වන මෙම ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියට අත්සන් තබා තිබේ.
ලක්ෂ 15කට අධික රාජ්‍ය සේවකයන් අතරින් එක් ක්ෂේත්රයකට පමණක් මේ ආකාරයට විශ්‍රාම වයස ඉහළ නැංවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද එම සම්මේලනය අවධාරණය කරයි.