හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඝාතනය වන අවස්ථාවේ උදෑසන ව්‍යායාම කටයුතු සඳහා නිවසින් පිටත්ව යෑමට සූදානම්ව සිට ඇතැයි වාර්තා වෙයි.
මාධ්‍යවේදී රංග සිරිලාල් සිය x ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ හිටපු පොලිස්පතිවරයා සිය තලාහේන නිවසින් ව්‍යායාම කිරීම සඳහා නික්ම යෑමට සූදානම් වන අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
හිටපු පොලිස්පතිවරයාට ලබාදී තිබූ නිල පිස්තෝලයද ඔහු විශ්‍රාම යන අවස්ථාවේ රජයට නැවත භාරදී තිබේ. මේ වන විට විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙයි.