උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට අධිකරණ සේවා සංගමයේ ඒකමතික විරෝධය ප්‍රකාශ වී තිබේ.
ඊයේ (11) පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුව ඇති අතර එහිදී සාමාජිකයින් 65 දෙනෙකු එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.
සාමාජිකයින් කිසිවෙකුත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර නොමැති බවත් වාර්තා විය.