විශ්‍රාම වයස ඉහළ දැමීම ඉහළ අධිකරණ විනිසුරුවන්ට දෙන අල්ලසක්…!

June 29, 2026 at 11:43 am | by emanisa.lk

අධිකරණ විනිසුරු විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුව දරන උත්සාහය විනිසුරුවරුන්ට වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

“අධිකරණ පද්ධතියට ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් හෝ ඇඟිලි ගැසීම් සිදුනොවිය යුතුයි. විශ්‍රාම යෑමේ වයස් සීමාව වැඩිකරන්න යන උත්සාහය ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය වැනි උසස්ම අධිකරණ පද්ධතියේ ඉන්න විනිසුරුවරුන්ට ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් හැටියටයි අපි දකින්නේ. ඕක නොකළ යුතුයි කියන එකයි අපේ නිගමනය. ඉතින් ඒ පිළිබඳව අපි විවෘතවම පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා.”

රවුෆ් හකීම් මේ බව පැවසුවේ ඊයේ (28) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස