මීගමුව බන්ධනගාර සිදුවීම පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු අනුව නිලධාරීන් යොදවා තිබූ නිසා සිදුවීමට ගිය හානිය අවම කර ගැනීමට හැකි වූ බව බන්ධනාගාර කොමසාරි ජනරාල් හේමන්ත කුමාර පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
මෙවැනි සිදුවීම් පිළිබඳ නිතර බුද්ධි තොරතුරු ලැබෙන බවත් ඒ අනුව එම ස්ථානයට නිලධාරීන් යොදවා තිබූ බවත් බන්ධනාගාර කොමසාරිවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට අදාළ සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු මිය ගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.