මීගමුව බන්ධනාගාර ගැටුම මහා ඛේදවාචකයක් වෙයි…. 25ක් ජීවිතක්ෂයට, 100ක් රෝහලට…!

July 6, 2026 at 1:35 pm | by emanisa.lk

මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) පැතිර යන ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ පැවති ගැටුම රාත්‍රියේ සමථයකට පත්වුවද අද පෙරවරුවේ යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව ඇත.

ගැටුම අතරතුරු රැඳවියන් බන්ධනාගාරය ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ කිරීමත් සමඟ තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද යොදවනු ලැබිණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර බන්ධනාගරය තුළ වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ.

ඒ සමග බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එම පරිශ්‍රය වෙත පැමිණ විරෝධතා දැක්වීමට පටන් ගත් අතර එම තත්ත්වය පාලනය කිරීමට ද පොලිසියට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදු ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *