පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය 2024 වසරේදී මිලදී ගත් ඒවා බව නීතීඥ සංජීව වීරවික‍්‍රම පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයකට මෙතරම් මෑතකදී මිලදී ගත් උපකරණ කෙසේ අදාළ වන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.
“අමෙරිකා එක්සත් ජනපදය සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන බුද්ධි අංශ කිහිපය මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර තිබෙනවා. එසේ නම්, ලංකාවේ බුද්ධි අංශවලට සහ යුද්ධ හමුදාවට විරුද්ධව අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ මන්ද?
ලංකාවේ බුද්ධි අංශ සහ යුද්ධ හමුදාව විසින් මිනිසුන් ඝාතනය කර ඇති බවටත්, ඊට විරුද්ධව මානව හිමිකම් අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බවටත් යුරෝපා සංගමය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනාවක් ගෙන නොඑන්නේ ඇයිද යන්න අප හොඳින් මතක තබා ගත යුතුයි.
කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ කිහිප දෙනෙකු මේ ප්‍රකාශය සිදු කරද්දී, අමෙරිකා එක්සත් ජනපදය ඒ පිළිබඳව මේ වන තෙක් කිසිදු අදහසක් දක්වා නැහැ. ඊට හේතුව අමෙරිකා එක්සත් ජනපදය මෙහි සැබෑ සාක්ෂි දන්නා බැවිනි. එමෙන්ම මෙම විමර්ශනවලට අදාළ කිසිදු සම්බන්ධයක් (හෝ වගකීමක්) මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සතුව නැත.”