හැකරුන්ට දොළොස් මහේ පුනරුදේ ලබලා… මහ බැංකුවේ තවත් ඩොලර් මිලියන 808ක් අතුරුදන්….!

June 6, 2026 at 2:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් ඩොලර් මිලියන 800කට අධික මුදලක් රටින් පිටවී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් රටින් පිටවූයේ නම් එය දැවැන්ත ප්‍රශ්නයක් බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (5) පැවසීය.

දයාසිරි ජයසේකර කොළඹදී ඊයේ (5) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

වර්තමාන ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ රාජ්‍ය ආයතන රැසකින් මුදල් ලීක්වී ඇති බවත් ඩොලර් බිලියනකට ආසන්න මුදලක් මෙසේ රටින් පිටවීම විශාල ගැටලුවක් බවත් එම අගය බිංදුවේ පැවතිය යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන බවත් හෙතෙම කීය.

විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5 කට වූ සිද්ධිය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඔහුගේ වාර්ෂික වාර්තාවේ හෝ සදඟන් කර නොමැති බව කී දයාසිරි ජයසේකර, පැවසුවේ ඩොලර් මිලියන 808 ක මෙම මූල්‍ය වෙනස විශේෂ පරික්‍ෂණයක් කරන්න යැයි පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත්කර ඇති පිටු 143 ක වාර්තාවේ මෙරට ගෙවුම් ශේෂයේ සියලුම ගණුදෙනු පිළිබඳව ගැලපී නොමැති තත්ත්වයකදී එහි වෙනස සමාන කිරීමට භාවිත කරන ශිර්ෂගත අයිතමන් ගැන වෙනම වාර්තාවක් ඉදිරිපත්කර ඇති බවත් එම වාර්තාවේ ඩොලර් මිලියන 808 ක හිඟයක් පිළිබඳව බොහෝ පැහැදිළිව ප්‍රකාශ වන බවත් ඊට පෙර වසරේ එය සෘණ 254 ක් ලෙස සඳහන්ව ඇති බවත් 2025 සෘණ 808 ලෙස ඉදිරිපත්කර ඇති අතර ඉදිරියට බිංදුව ලෙස සඳහන්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

ඇත්ත වශයෙන්ම මෙවැනි වෙනසක් නොතිබිය යුතු යැයි යන ස්ථාවරයේ සිටින බව කී ජයසේකර මහතා 2025 වසරේ ඩොලර් මිලියන 808 ක් මහ බැංකුවෙන් කිසියම් විදියකට එළියට ගියාද, මොනව හරි විනාශයක් වුණාද, නැත්නම් වෙනත් චෙයක් සිදුවුණා කියන කාරණය මහ බැංකු රටට හෙළිකළ යුතු බව ද සඳහන් කළේය.

ඩොලර් මිලියන 808 ක් රටින් පිටවී ඇතැයි මෙම වාර්තාවේ ඇති කරුණු අනුව පැහැදිළි වන්නේ යැයි විශේෂඥයන්ගේ මතවී ඇති බවත් වර්තමාන ආණ්ඩුව යටතේ මෙවැනි සිද්ධීන් වාර්තා වූ බවත් ඒ මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස