විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සයිබර් හැකර් කණ්ඩායමක් ඇතුළු වී ඇති බව දැනගන්නට ලැබුණේ 2026 ජනවාරි මස බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම පවසයි.
“ජනවාරි මාසයේදී අපිට දැනගන්නට ලැබුණු සයිබර් අපරාධකරුවන් පද්ධතියට ඇතුළු වෙන්න උත්සහා කරන බව. මේ ගැන තොරතුරු වාර්තා වුණාම, අදාළ විදේශ රටවල් සම්බන්ධ කරගෙන උත්සහා කරපු රටට හානියක් වෙන්න දුන්නේ නැහැ. ඒක විසඳුවා.
අපිට අවශ්‍යතාව තිබුණා, ජනවාරි මාසයේ එහෙම දෙයක් කරන්න හැඟුණාට මීට පෙරත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි පසුගිය ගෙවීම් ගැන හොයලා බලන්න අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කළා. ඒ අනුව කාලයක් ගත්තා.
ඒ වෙලාවේදී තමයි පසුගිය ගෙවීමකට හැකර්වරුන්ගේ ක්‍රියාකාරීත්වය පසුගිය ජනවාරි මාසයෙත් සිදුවෙලා තිබුණා කියලා අනාවරණ වුණේ. ඒ අවස්ථාවේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපි දැනුම්වත් කිරීම කළා. භාණ්ඩාගාරයේ අභ්‍යන්තරව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් කරුණු විමර්ශනය කරනවා.
මේ තොරතුරු එළියට ගියොත් අපරාධකරුවන් සැඟවෙන්නට පුළුවන්. එයාලා මේකට යොදාගත් ක්‍රමවේද ඉවත් කරන්න පුළුවන්. ඉන්න තැන්වලින් පිටත්වෙන්නට පුළුවන්. ඒ නිසා මෙහි රහස්‍යභාවය ආරක්ෂා කරගෙන කටයුතු කළා. මෙයින් අගතියට පත් ණය හිමියා දැනුම්වත් කළා.