උගන්ඩාවෙන් ඩොලර් ගේන්නම් කියලා ආවේ… අන්තිමේ භාණ්ඩාගාරේ ඩොලර් ටිකත් උස්සලා… L බෝඩ් ආණ්ඩුවකට මීට වඩා දෙයක් බෑ…!

May 7, 2026 at 2:29 pm | by emanisa.lk

උගන්ඩාවේ ඩොලර් ගෙන එන්නට බලයට පැමිණී L බෝඩ් ආණ්ඩුවට මහා භාණ්ඩාගාරයේ ඩොලර් ටික ආරක්ෂාකරගත නොහැකි වී ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් ලක්ෂ 25ක වංචාව අතපසු වීමක් යැයි ආණ්ඩුවේ නායකයන් කියන බවත් වගකිව යුතු ආණ්ඩුවකට එසේ කිව නොහැකි බවත් ප්‍රකාශ කළ ගයන්ත කරුණාතිලක, L බෝඩ් ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කරයි.

ඇවිදින පුස්තකාල බවත් මාළු අල්ලෙන්නෙත් ඇප් එකෙන් යැයි කියමින් බලයට පැමිණි අයට රටේ මහා භාණ්ඩාගාරය රැකගත නොහැකි වීම ගැන කනගාටු වන බවද ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරයි.

කන්දක් ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද ඇසුවා මෙන් ජනතාව ගල් අඟුරු නැව් පිටින් ගිලපු ආණ්ඩුවට මහා භාණ්ඩාගාරයත් කජ්ජක්දැයි ජනතාව විමසා සිටින බවද ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ගයන්ත කරුණාතිලක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *