ඩොලර් මිලියන දෙකහමාරේ භණ්ඩාගාර කොල්ලය… චෝදනා එල්ල වූ පමණින් පිළිගත යුතු නැතැයි ප්‍රකාශයක්…!

April 30, 2026 at 9:55 am | by emanisa.lk

කිසියම් පාර්ශවයකට චෝදනා එල්ල වූ පමණින් ඒවා සත්‍ය ලෙස පිළිගැනීමේ අවශ්‍යතාවක් නැතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ජනතාවට වගකියන රජයක් ලෙස ඕනෑම චෝදනාවක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කිරීමට සූදානම් බවද හෙතෙම අවධාරණය කළේය.

එම විමර්ශනවලදී කිසියම් හෝ දූෂණයක් හෝ අක්‍රමිකතාවක් සිදුව ඇති බව තහවුරු වුවහොත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

මූල්‍ය විනය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතාව බවත් හුදු චෝදනා මත පදනම් නොවී සාධාරණ පරීක්ෂණ මගින් සත්‍යය හෙළි කර ගැනීමට රජය කටයුතු කරන බවත් හෙතෙම පැවසීය .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *