ජනාධිපතිගේ ප්‍රකාශයට නීතීඥ සංගමයේ කනස්සල්ල…!

May 6, 2026 at 10:26 am | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය මැයි දින රැලියක එළැඹෙන මැයි 25 වැනිදා ලබා දීමට ඇති අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් දැඩි කනස්සල්ල පළකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම තීන්දුව ලබාදුන් විට උදම් ඇනීමට ජනතාවට හැකිවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමක් ලෙස මතයක් ගොඩනගන බවත් එවැනි ප්‍රකාශ මගින් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවීමට හේතුවිය හැකි බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එය ආරක්ෂාකිරීමට හා සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *