ලාල්ගේ වචනවල එල්ලෙන්න එපා… අපි නඩු අහන්නේ නෑ… ඒවා උසාවිය කරයි…! – අනුර…

May 7, 2024 at 10:14 am | by emanisa.lk

පසුගිය මැයි දින ජනරැලියේ දී කේ.ඩී. ලාල්කාන්ත අධිකරණ බලය ගමට ලබා දීම යනුවෙන් අදහස් කළේ සමථ මණ්ඩලය වැනි ආයතනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව කීය.

එම ආයතනය සඳහා සමථකරණ බලයක් මිස අධිකරණ බලයක් නොමැති බව නිවේදකයා ප්‍රකාශ කළ විට අනුර දිසානායක සඳහන් කළේ එය පිළිගන්නා බවයි.

ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශයේ වචනවලින් අරමුණු කළේ එමගින් ගම්‍ය වන අරුත නොවන බව ද ජනතාවට අධිකරණ බලයක් ලබා දීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *