ඇතැම් අවස්ථාවල බැංකුවට මුදල් ගැනීමට ගිය අවස්ථාවල අත්වැරදීම් නිසා වැඩිපුර මුදල් ලැබෙන බවත් ඩොලර් මිලියන දෙකහමාරට සිදුව ඇත්තේ එවැන්නක් බවත් ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
“බැංකුවෙන් සමහර විට සල්ලි දෙන කොට වැරදිලා වැඩියෙන් සල්ලි දෙනවා. රුපියල් පහළොස්දාහක් ගන්න ගියාම විසිපන්දාහක් ඇවිල්ලා. එතකොට ඒගොල්ලෝ ආයෙම කතා කරලා ඉල්ල ගන්නවා.
අපට අඩුවෙන් දීපු අවස්ථාත් තියෙනවා. ඒ වගේ මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන්. දැන් ඕක අරන් ලොකුවට කෑ ගහනවා. ඕක තව සතියෙන් ඉවරයි. මොකද පරීක්ෂණයක් යනවා.”
ජාතික ජන බලවේග කළුතර මැයි දින රැලිය අමතමින් ටිල්වින් සිල්වා මේ බව කීය.