වැඩ කරන ජනතාව සමරන මැයි දිනය මෙවර සැමරීමට සිදුව ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකු අභිරහස් ලෙස ඝාතනය වූ ඛේදජනක පසුබිමක බව සර්වජන බලය නායක, පාර්ලිිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඩොලර් මිලියන දෙකහමාරක් හොර ගිණුමකට දමා ගෙන එය හැකර්වරයෙකු පිටින් යැවීමට ආණ්ඩුව උත්සාහ කරන විට එය හෙළිකළ රාජ්‍ය නිලධාරියාගේ අභිරහස් මරණය සිදුවෙද්දි මැයි දිනය සැමරීම ඉතාම උත්ප්රාසජනක බවද හෙතෙම පෙන්වා දෙයි.
මාලිමාණ්ඩුව බලය ලබාගත්තේ වැඩකරන ජනතාවගේ පඩිය මාස හයෙන් හයට වැඩි කරමින් ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දී නිර්ධන පන්තිය ජයග්‍රහණය කරවන බවට පොරොන්දු වෙමින් වුවද මෙම නිලධාරියාගේ මරණය දක්වා රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට එළව එළවා පහර දුන් බවටද දිලිත් ජයවීර චෝදනා කරයි.
ජේ.ආර්. ජයවර්ධන පවා වැඩ කරන ජනතාවට විරුද්ධව මෙවැනි පහත් තැනකට ගොස් රාජ්‍ය බලය අවභාවිත නොකළ බවටත් මැයි දින රැලි සඳහා රාජ්‍ය බලය උපරිමයෙන් භාවිත කරමින් සියලු කුප්ප වැඩ කළ බවටත් ඔහු චෝදනා කරයි.
දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේ සර්වජන බලය මැයි දින රැලියට එකතු වෙමිනි.