ආණ්ඩුවේ දැවැන්ත මැයි රැලියට බයේ විපක්ෂේ බොරු දූෂණ චෝදනා නගනවා…! – ටිල්වින් සිල්වා…

April 30, 2026 at 7:15 pm | by emanisa.lk

ඉන්ධන සහ මුදල් පිරිමසා ගැනීම සඳහා මාලිමාණ්ඩුව දැවැන්ත මැයි දින සැමරුම් රැලි 21ක් රට පුරා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම මැයි රැලිය මෙරට ඉතිහාසයේ විශාලතම පිරිස එකතු වන මැයි දින රැලිය වනු ඇති බවයි.

එය දරාගත නොහැකිව විපක්ෂය තම ආණ්ඩුවට වංචා දූෂණ චෝදනා එල්ල කරමින් ඇතැයිද ටිල්වින් සිල්වා චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *