මිලියන දෙකහමාර හොරා කද්දි වෙන ආණ්ඩුවක් තිබ්බා නම් ජවිපෙ නටන්නේ හෙළුවෙන්….!

April 29, 2026 at 11:59 am | by emanisa.lk

ඩොලර් මිලියන දෙකහමාරේ වංචාව සහ ගල් අඟුරු මගඩිය සිදුවන විට ජවිපෙ විපක්ෂයේ සිටියේ නම් නටන්නේ හෙළුවෙන් බව ශ්‍රීලනිප ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක පවසයි.

ඒ පිළිබඳ විරෝධය පෑමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ නිවස අසලට ගිය පිරිසට මාලිමාවේ මැරයන් ලවා අශූචි ගැසීම පහත් ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දෙයි.

ජවිපෙ ආණ්ඩුවක් තිබුණද එහි වංචාසහගත කටයුතු විවේචනය කිරීමේ අයිතිය තිබිය යුතු බවත් ජවිපෙ 88-89 කාලයේ මෙන් හැසිරෙමින් ඇති බවත් චාමර සම්පත් අවධාරණය කරයි.

ශ්‍රීලනිප මැයි දින රැලිය පැවැත්වීමට නියමිත බොරැල්ල කැම්බල් පිටියේදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *