භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක් අස්ථානගත වීමේ සිද්ධියේදී අදාළ ගිණුම් අංක පරීක්ෂා කිරීමේදී නිලධාරීන් මීට වඩා වගකීමෙන් සහ දැඩි අවධානයකින් කටයුතු කළ යුතුව තිබූ බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
නිලධාරීන්ගේ වගවීම පිළිබඳව අවධාරණය කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අදාළ ගිණුම් අංක පරීක්ෂා කිරීම සඳහා මීට වඩා වැඩි යොමු වීමක් තිබුණේ නම් එය ඉතා යහපත් වන බවය.
මෙම ගැටළුව හුදෙක් අත්වැරදීමකට වඩා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සහ අඩුපාඩු හේතුවෙන් සිදුව ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
මුදල් පරිහරණයේදී සහ ගිණුම් කටයුතුවලදී නිලධාරීන් මීට වඩා විමසිලිමත් වූයේ නම් මෙවැනි විශාල මූල්‍ය අලාභයක් වළක්වා ගැනීමට හැකියාව තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.