ඩොලර් මිලියන දෙකහමාරක වංචාව හැකරුවන් පෙන්වා යටපත් කිරීමට උත්සාහ කළද එය මුදල් ප්‍රෙෂණය කරන ගිණුම චේතානාන්විතවම මාරු කර වෙනත් තැනකට මුදල් යොමු කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මාලිමාණ්ඩුව පත්වීමට පෙර කිසි දිනක මෙවැනි සිදුවීම් නොවූ බවත් එහෙයින් අදාළ ගිණුම පැලවත්තේ ගිණුමක්ද යන සැකය මතුවන බවත් ය.
සියලු බහු පාර්ශ්වීය ණය හැරුණු කොට සෙසු ණය ගෙවීම නතර කර ඇති පසුබිමක ඕස්ට්‍රේලියානු ආයතනයක පමණක් ණය ගෙව්වේ කෙසේද මෙම මුදල් තෙවන පාර්ශ්වයක් වෙත යෑමේ අවධානමක් ඇතැයි මහ බැංකුව අණතුරු අඟවා තිබූ පසුබිමක එම මුදල යොමු කළේ කවුද ආදී ප්‍රශ්න ගණනාවක් මතුවන බවද උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.
මෙහිදී කිසිදු හැක් කිරීමක් සිදුව නොමැති අතර අදාළ ගිණුම් අංකය මාරුකර වෙනත් ගිණුමකට මුදල් යැවීමක් සිදුව ඇති බවත් ඒ සඳහා අනුමැතිය දුන්නේ කවුද ඒ කුමක් නිසාද යන ගැටලු මතුවන බවද ඔහු සඳහන් කරයි.
මෙතරම් බරපතළ වංචාවක් සිදුවුවද විපක්ෂය රටට අනාවරණය කරන තුරු ආණ්ඩුව එය සඟවාගෙන සිටියේ ඇයිද එය විගණකාධිපතිතුමාට දැනුම් නොදුන්නේ නම් ඒ මන්ද යනුවෙන්ද ඔහු ප්‍රශ්න කරයි.